Wednesday, July 27, 2016

සමුද්‍ර දෙවිය......





 
උදෑසනීන් අවදිවන නීති සෙවයට කැපවුන
මහා බර දරාගෙන අප සොයා දුව අැදෙන
වෙහෙස කරදර විදින
බොෙභා දුක් උසුලගෙන
නිහඩවම එය දරණ්
අැදෙයි හැම දවසකම
අපෙ  ජීවිත ගමනෙ නුබත් කොටසකි ඉතින්
මහා ජීවන සටනෙ  අපට අත් වැල  නුබයි
යකඩ ගොඩ උවත් නුබ
හැම මුවෙ  ඇත නුබෙ  නම
අතපසු උවොත් දවසක නුබ
පසක් වෙයි එදිනට හොදින්
නුබෙ  ඇති වටිනකම ....
ගොඩ නැගුන සබද කම් ෙබාභො මයි
නුබ එක්ක...
ජීවිතෙ  සතුටක්ව නුබත් අද අප එක්ක
මග විඩා නිවාලන දුක් කදුළු අමතක කරවන
අපෙ දෙවිය නුබයි.
සමුද්‍ර දෙවිය
මෙ  ලීවෙ  නුබ ගැනයි....

MAUD......

හැගුම්








හැගුම්පාළු අදුර වට  කොට  නැගෙනා
මහා  වැසි බීරමේ
සිහින සිතුවම් දැස් තල මත
ඇදෙන ඔබෙ  දසුනා
දැස සනසවනා
සොදුරු සැමරුම් දහක් අතරේ
හිත් හැගුම් සසලයි
දනෙන පෙර මුදු පහස ඔබගේ
මසිත හඩවාලයි
එදා ඔබෙ මුදු සෙනේ විදිනට
හිත යලිත් ඉල්ලයි
මගේ විජිතයෙ සිනා ඉතිරුනු ඔබේ ආදරයේ
පාළු නටබුන් ඉතිරි කල නෙත්
උරුම වූ කදුලේ
සොදුරු සිහිනය යලි දකින්නට
ගොනුකලත් පතුමන්
නැතේ නුබ යලි උරුම වන්නේ
මේ භවේ කෙදිනේ

                         MADU.............

Wednesday, September 9, 2015

සොදුරු කාලය......








නෙලූ මල් මිට මිලින වී ඇත

මුවේ සිනහව වියැකිලා..

හදේ දුක් කද සිර කලා මම

මහා පවුරක් තනා මැදි කොට

සිතේ ගින්නට නැගෙන කදුලක

සිතුම් පෙම් පට දිය කලා..

මගේ ජීවිතෙ සොදුරු කාලය

ඔබෙ නමින් ගෙවිලා ගියා...

මධු...

Thursday, September 26, 2013

ආදරය..... වෛරය....















කරත් කුරිරු කම්

නොකරන්න බලුකම්

උනත් පෙමට නිගාකම්

බිදී නොදමන්

නුබේ හොදකම්...



මධු...

Wednesday, September 25, 2013

මම......ඔබ.....



 

















මම
මමත් නොව
මම
ඔබ
වගෙත් නොව
ඔබ
ඔබත් නොව
ඔබ
මම වගෙත් නොව
මම
ඔබෙත් නොව
ඔබ
මගෙත් නොව...

මධු....
 





Wednesday, September 18, 2013

අනේ මට දැනෙනවා........



 
 
 
 
 

හීත මැදියම් රැයේ
ඔබ නැතත් මගේ ලග
සේපාලිකා මල් සුවද
ඔබෙ සුවද ගේනවා
අනේ මට දැනෙනවා

මතක පොත හිත් සයුරෙ
ඔබේ හැගුමන් එක්ක
මගේ ජීවිත පොතට
හිත හැගුම් ගේනවා
අනේ මට දැනෙනවා

සීත සයුරක් විලස
දෙනෙත් පෙති කඩාගෙන
මගේ දෙකොපුල් පුරා
කදුළු කැට ගලනවා
අනේ මගෙ ලොව පුරා
ඔබම සැරි සරනවා

මධු...