Wednesday, February 27, 2013

මගෙම ආදර තාත්තෙ ....



උපන්දා සිට මෙ  ලොවට මා
මගෙ  හිරු කිරණ නුබම විය
දෙපයින් සිට ගන්නට
නුබෙ දැත්  මට
යෝධ සවියක්ම විය
නුබෙ  විසල් උර මඩල මට
ලොව දකින්නට වෙදිකාවක්ම විය
දහඩිය  කදුළු වගුරවා
හෙට ලොව දිනන්නට
නුබ මට ශක්තියම විය
මගෙම  අදර තාත්තෙ...
නුබෙ  පිනෙන් සවි වූ මගේ දැත්
රකින්නට බලා සිටීවි
නුබව දැන්
මගේ දිවි අති තුරාවට
නුබ  මා සුරැකි තරමටම ......

Madu.......

1 comment: