
විසිරුනු සිත හැගුම් සයුරෙ
හීන් සීරුවට ඇවිදින්
හිත් අහසට රටා දමා
ඇමදපු බෝ මළුවක් සේ
නිසන්සලට සැරසූවා...
නොපෙනෙන දෙව් ලොව සිරියෙන්
මගෙ හදවත එකලු කරන්
ආදර හැගුමන් එකිනෙක
ගෙනත් තබා සිත් දෙවොලට
පහන් වැටක පින්බර බව
හදවෙත දුන්නා
සැලෙනා බෝ පතක් විලස
සිල් සුවදින් පින්බර සිත
නුබෙ ආදර දැහැන කරා
පියමන් කෙරුවා....
මධු.....
No comments:
Post a Comment