Tuesday, September 17, 2013

විරහව....













හමුවී සෙනේ පෑ සැම දෙන එකවුනි නම්
විරහව ගැන නැතේ කවි ගී ලියැවෙන්නේ
නැතිවු සෙනේ වටිනාකම දැනෙන දිනේ
හදවත සසලවී නෙත් කදුළින් තෙමුනේ

එක් වී සිටින දා මට නැත දැනුනෙ අගේ
ලග නැති දාට දැනුනා මහමෙරක් වගේ
ලොව පවතිනා දහමද වැටහෙනා දිනේ
නුබ දුර ගිහින් යලි ගෙන්විය නොහැකි ලෙසින්

ලොව අන් කෙනෙක් නැත ආදරෙ නුබ විලසින්
අද ඒ බව දැනේ මට හොද හැටිය ඉතින්
එනමුත් එනු නොහැකි දුර නුබ මා අතැර ගොසින්
විරහව උවත් සුන්දර මතකයක් ඉතිං

මධු...

No comments:

Post a Comment