Monday, July 15, 2013

මංගල යොජනාව......
















යන්තම් බහ තොරනකොට
ලොකෙට පෙන්න
ස්ටයිල් එකට ට්‍රෙන්ඩ් එකට
ඔනි කරනව කෙල්ලෙක්ව
දන්න සෙල්ලම් ඔක්කොම දාල
හොයා ගන්නව කෙල්ලෙක්ව
ටික දවසක් යනකොට
පේනන ගන්නව ඒ කෙල්ලගෙ අඩුපාඩු
ඇයි දන්නවද?....ඊටත් වඩා
ලස්සන සල්ලිකාර කෙල්ලෙක්
හොයාගනින් බන් කියල යළුවො
කියපු නිසා...ඉතිං අමතකයි මුල් ආදරේ
කොහොමහරි තවත් කෙල්ලෙක් අමාරුවෙන්
යාළු කරගන්නව
රූපෙයි සල්ලීයි නිසා ටික කාලයක්
රැදිල ඉන්නව
කොහොමහරි A/Level
ඉවර වෙද්දි
කෙල්ලො වැඩිම ගානක් යාළු කරගත්තු එකා තමා පොර වෙන්නෙ
ඔහොම ගිහින් කැම්පස් එකටත් යනව
අර කෙල්ලො වියදම් කරපු සල්ලි ආදරේ කාලය
පිහිට කොට ගෙන
කැම්පස් ගියාම තවත් අළුත් ලොකයක්
ඒ ලොකෙ විදින්න එක කෙල්ලයි
නෝට් ලියන්න එක කෙල්ලයි
කැම කවාගන්න තව කෙල්ලයි
කෙල්ලො පිරිවරාගෙන ඉදල
ඩිග්‍රියත් අරගෙන එලියට එනව
දැන් ජීවිතේ ඉදපු හැම කෙල්ලම
අමතකයි.....
රස්සාවත් ලැබෙනව
මගතොට යන එන ගමන් තවත්
කෙල්ලො කිපදෙනෙක්ම හොයගන්නව
දැන් පුතා හැම අතින්ම ඉහලට එද්දි
අම්මත් කිට්ටු වෙලා අහනව
දැන් පිලිවෙලක් වෙන්න කාලෙ හරි නේද
මයෙ පුතේ... දන්න කියන දැරිවියක්
ඉන්නවද මයෙ පුතාට
ගත් කටටම අනේ නෑ අම්මෙ
ඉතිං අම්මත් මේ රත්තරන් පුතාට
බොහොම වැදගත් තැනකින් ගෙනව
කටයුත්තක්.....
ජාතිය ජන්මය හැදියාව සැප සම්පත්
මිල මුදල් යාන වාහන.... සියලු දේ සපිරිව
පණ දෙන්න කතා කරපු අදරේ උත්තරීතර
අමරණීය වෙන්න පෙරුම් පුරපු අපේ කාලෙ
අයියල......
ලොකු දෑවැද්දක් එක්ක මැසි මදුරුවෙක්වත්
වහපු නැති කෙල්ලෙක් හොයගෙන
මංගල යෝජනාවකින් කරකාර බැදගන්නව....

Madu.......

Thursday, July 11, 2013

හිත රිදෙන තරම්.....



















හිත රිදවන මොහොතකදී
නෙතින් වැටෙන කදුළු වලට
ඔය හදවත ගලක් උනේ ඇයි
දිවා රැයේ දුටු සිහිනය
දෙපා මුලට ඇද දමන්න
ඔය හිතිවිලි නපුරු උනේ ඇයි
සේපාලික මල් සුවදින්
අප ආදරෙ සුවද රැගෙන
මද පවනක් හමන විටදි
නිරතුරු නැග එන මතකය
අගුළු දමා සිර කරන්න
පුළුවනිදැයි කියාදෙන්න
අකමැතිනම් මගෙ මතකය
අහක දමා දුර යන බව
මගේ හිතට දරාගන්න
එකම වරක් හෝ කියන්න
සන්සාරේ සරන තුරා
ඔය නෙතු සොයමින් යන්නට
කප් සුවහස් කලක් උවත්
පාරමිතාවන් පුරන්න
මට හැකි බව හිතට ගන්න....


Madu.....

Wednesday, July 10, 2013

මල්වර දියණියේ......















පෙරදා නුඹට බැදි සෙනෙහස නිසාවෙනී
වැදුවේ නැතත් නුඹ මගෙ මේ සුමුදු කුසින්
දැනුනේ නුඹව මගෙ දියණිය විලස ඉතින්
එනිසයි නුඹව රැක්කේ මව් කෙනෙක් ලෙසින්

හුරතල් නුඹේ පිවිතුරු මොලකැටි සුරත
දැවටී මගේ දෑතේ ගෙව් සොදුරු යුගේ
නුඹ පැමිනිය දාට මගෙ ඇස් දෙක පෙනෙන ඉමේ
මට නැත තිබුනෙ වෙන වැදගත් දෙයක් අනේ

ඈතක යුගේ නුඹ පොඩි දියණියක් ලෙසින්
මගෙ උකුලතේ හිදගෙන කිව් වදන් වලින්
හිත සැනසුනා මතකයි කල සොදුරු රැගුම්
සිහිවන විට නැගේ කදුලක් නෙතට ඉතින්

සුන්දර දියණියේ අද මල්වර නැකතේ
බිහි දොර වඩින පින්බර සුව දෙන මොහොතේ
ලොව වැඩ සදන පින්බර ගහැණිය විලසේ
මතු මල් පුබුදුවාපන් සුන්දර හෙට දවසේ


ඉස්සරම දවසක මගෙ ලග ඉදපු මම හුගක් අදරේ කරපු මගෙ වගේ ම ලග ඉදපු පුංචි දෝණිගෙ මල්වර නැකතෙ සතුට සමරන්න දිනූ... පුංචි දෝණි වෙනුවෙන් මේ පද ටික ලියුවෙ....ඉතින් පුංචි දෝණියෙ හෙට දවසෙ ඔයාගෙ ලොකෙ ලස්සනට හැඩ වැඩ වෙලා ගුන නැණ නුවණ සපිරි පිවිතුරු කුසුමක් ලෙසින් අනාගතය ජය ගන්න ශක්තිය වාසනාව සියළු දෙවි රැකවරන සැලසෙන්න කියල මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනව.... (11/07/2013)

Madu....

Wednesday, July 3, 2013

නුඹ.........

 









 


හීන ලොකෙ සිතුවමක්
වගෙයි නුඹ
ඇදි ඇදී මැකෙනවා
තරු ලොකෙ සෙවනැල්ල
වගෙයි නුඹ
මගෙ ලොවට සහන් එළියක්ව
වඩිනවා
හිත් අහසෙ හැගුම් සයුරක්
වගෙයි නුඹ
මුළු හිතම කළඹවා
නැගෙනවා
දෙනෙත් තුල ගුලි ගැහෙන
කදුළු කැට වගේ නුඹ
හැමමොහොතෙ
දෙනෙත් කිති කවනවා......



                           Madu.....

හෙමින් එන්න……



 














හෙමින් එන්න……
මාගෙ ලොකෙට
ඈත ඉදන් ඇදී එන්න
සිනා අහුරු රැගෙන එන්න
කදුළු සයුර රැගෙන යන්න

හොරෙන් හොරෙන් හෙමින් එන්න
දෙනෙත් වසා සිනා සෙන්න
ඔබේ සුවද මගෙ තුරුලත
රදවන්නට රැගෙන එන්න

හඩ නොනගා ලගට එන්න
මුළු ලොකෙට හොරෙන් ඇවිත්
මගෙ ලොකෙට සතුට දෙන්න
ඔබේ සිනිදු සුමුදු පහසෙ
සැනසෙන්නට ඉඩක් දෙන්න

හොරෙන් හොරෙන් ලගට එන්න
ඈත දුරට පියාඹන්න
කවුරුත් නැති මගෙ ලෝකෙට
සතුට රැගෙන යලි වඩින්න…….


                                                               Madu....

Tuesday, July 2, 2013

මනුස්සකම……..














ලෙඩ ඇදට වැටුනම
තමන් ලග හිටපු අය
නැ කියල දැනුනම
ආදරේ කල අයගෙ
කටහඩක්වත් නැසෙනකොට
තමුන් තනි වෙලා කියල
දැනෙනකොට
ආදරේ කරපු අය ඔනී කියල
දැනෙනකොට
දුකට අඩනකොට
කෙනෙක්ගෙ එක හිනවකින් හරි
එකම එක වචනෙකින් හරි
අඩන හිත සුවපත් කරන්න පුලුවන්නම්
ඒකයි මනුස්සකම……..


අපිට අනුන් ගැන නොහිතෙන තමුන්ට උනාම දැනෙන ජීවිත අත්දකීමක්...... අසුන්දර අමිහිරි කාල ජීවිතේට ඔනි තරම් එනවා... එහෙම දවසකට තමුන් අදරේ කරපු හරි තමුන් ආසම කරන කෙනෙක්ගෙන් එකම එක හිනාවක් හරි වචනයක් හරි ලබුනොත් එකෙන් හිත කොයි තරම් හදන්න පුලුවන්ද කියල අත් දැකල තියෙනවද? නැතිනම් තෙරුම් ගන්න උත්සහ කරන්න... මේ ජීවිතේ තමුන්ගෙන් කාට හරි එවගේ මනුස්සකමක් ඉටු කරල දෙන්න පුලුවනිනම් ඒක තමුන්ට ලොකු පිනක් වේවි....... මොකද කවදම හරි දවසක තමුන්ටත් එහෙම දෙකට මුන දෙන්න සිද්ද වෙන නිසා..... 

                                                                             Madu.......

සංසාරෙන් එතෙර වන්න.......














වින්ද දුක් කද නිවා ලන්නට
කදුළු ගගකට නොහැකි වූදා
ලොකයේ අස්තිර වු ධර්මය
මගේ හද වෙත පසක් වූවා
ජීවිතේ නව පැතුම් පොදි බැද
අකුසලට හිත නැමෙන හින්දා
සසර කතරින් එතෙර වන්නට
කසාවත ගත දැවට වූවා.....


මේ සංසාරෙන් එතෙර වන්න පිං පුරනව වෙනුවට අස්තිර ජීවිතේ බැදීම් නිසා අපි මේ සංසරෙ තව තවත් දික් කරගන්න උත්සාහ කරනව නේද?......කිසිම බැදීමක් නැති මේ මෙහෙණින් වහන්සේලාගේ ජීවිතය කොයි තරම් නිදහස් ඇත්ද කියල හිතන්න......

                                                      Madu......

අපේ යාළුවෝ.......















ඇතුවත් බැරි නැතුවත් බැරි
වෙලාවකට නැතුවම බැරි
හිටියත් වැඩකට නැති
නැතුවත් හිතට හරි නැති
ඇති වෙලාවට ඇති
නැති වෙලාවට නැති
වාසියට පමණක් ඇති
අවංකව පිහිටට ඇති
උඩින් හොද හිත ඇති
යටින් හතුරු කම් ඇති
යහපතට උදව් ඇති අය වෙති
අයහපත වලකන අය වෙති
පන දෙන්න කතා ඇති
එත් විපතකදි නැති

හැම මොහොතකම හමුවෙති
යාළුවෝ... යාළුවෝ...

දුකට සැපට අපිට ඉන්න
අපේ යාළුවෝ...


මගේ යාළුවනේ.... මෙහෙම ලියුවට තරහ වෙන්න එපා... පොඩ්ඩක් හිතල බලන්නකො මේ ලියල තියෙන හැම ජාතියකම යාළුවො අපි අතර ඉන්නව නේද කියල.....හැම මොහොතකම අපි ලගට එන යන අපේ යාළුවෝ.......
                      Madu....

Monday, July 1, 2013

වස්සාන ගිම්හානය.....














සිත් හැගුම් අවදි කර
ප්‍රාර්ථනා මල් පුබුදා
වස්සානෙට සුවද අරන් ඔබ ආවා
මීදුමින් වැසීගත් හරිත නුග රුකක් වී
මගෙ ලොවම වෙලාගෙන
සීතලට ගුලි උනා...
හැගුම් පිරි මගේ සිත
සුවද කුසුමක් ලෙසින්
ඔබෙ ලොව පුරාවට සුවද වැසි වස්සන්න
මග බලන් ඉන්නවා.....
ලෝතලය අදුරු කර ඝන අන්දකාරයක්
මගෙ ලොවම වසාගෙන
ඔබව දුර ගෙන ගියා
නීල දෙණයන වසා කදුළු මල් වරුසාව
මගේ නෙතු කඩාගෙන
තව තවත් ගලනවා........


                              Madu...

අරුණැල්ල.....



 










හිත් හැගුම් අහස යට
හීන හිතිවිලි අනන්තයක
නැගෙන කවි පද පේලි
සගරේ රැල්ල සේ
ඇදි ඇදී මකෙනවා...
සිහිල් සුළගක දැවටි
ඔබේ මුදු ලැල් සුවද
මගේ ලෝකය පුරා
සැරි සරා හමනවා...
නැගෙන මුදු පොද වැස්ස
අතිතයෙ මතක මැද
නෙතු අතරමන් කරන්
මුව පුරා වැටෙනවා
ජීවිතේ මන් දොර අසල
අඩ වයස් ගත වෙද්දි
මගේ තනිකම් හදට
අරුණැල්ල නැගෙන තෙක්
පාරමී පුරනවා……..


                     Madu...