Monday, July 15, 2013

මංගල යොජනාව......
















යන්තම් බහ තොරනකොට
ලොකෙට පෙන්න
ස්ටයිල් එකට ට්‍රෙන්ඩ් එකට
ඔනි කරනව කෙල්ලෙක්ව
දන්න සෙල්ලම් ඔක්කොම දාල
හොයා ගන්නව කෙල්ලෙක්ව
ටික දවසක් යනකොට
පේනන ගන්නව ඒ කෙල්ලගෙ අඩුපාඩු
ඇයි දන්නවද?....ඊටත් වඩා
ලස්සන සල්ලිකාර කෙල්ලෙක්
හොයාගනින් බන් කියල යළුවො
කියපු නිසා...ඉතිං අමතකයි මුල් ආදරේ
කොහොමහරි තවත් කෙල්ලෙක් අමාරුවෙන්
යාළු කරගන්නව
රූපෙයි සල්ලීයි නිසා ටික කාලයක්
රැදිල ඉන්නව
කොහොමහරි A/Level
ඉවර වෙද්දි
කෙල්ලො වැඩිම ගානක් යාළු කරගත්තු එකා තමා පොර වෙන්නෙ
ඔහොම ගිහින් කැම්පස් එකටත් යනව
අර කෙල්ලො වියදම් කරපු සල්ලි ආදරේ කාලය
පිහිට කොට ගෙන
කැම්පස් ගියාම තවත් අළුත් ලොකයක්
ඒ ලොකෙ විදින්න එක කෙල්ලයි
නෝට් ලියන්න එක කෙල්ලයි
කැම කවාගන්න තව කෙල්ලයි
කෙල්ලො පිරිවරාගෙන ඉදල
ඩිග්‍රියත් අරගෙන එලියට එනව
දැන් ජීවිතේ ඉදපු හැම කෙල්ලම
අමතකයි.....
රස්සාවත් ලැබෙනව
මගතොට යන එන ගමන් තවත්
කෙල්ලො කිපදෙනෙක්ම හොයගන්නව
දැන් පුතා හැම අතින්ම ඉහලට එද්දි
අම්මත් කිට්ටු වෙලා අහනව
දැන් පිලිවෙලක් වෙන්න කාලෙ හරි නේද
මයෙ පුතේ... දන්න කියන දැරිවියක්
ඉන්නවද මයෙ පුතාට
ගත් කටටම අනේ නෑ අම්මෙ
ඉතිං අම්මත් මේ රත්තරන් පුතාට
බොහොම වැදගත් තැනකින් ගෙනව
කටයුත්තක්.....
ජාතිය ජන්මය හැදියාව සැප සම්පත්
මිල මුදල් යාන වාහන.... සියලු දේ සපිරිව
පණ දෙන්න කතා කරපු අදරේ උත්තරීතර
අමරණීය වෙන්න පෙරුම් පුරපු අපේ කාලෙ
අයියල......
ලොකු දෑවැද්දක් එක්ක මැසි මදුරුවෙක්වත්
වහපු නැති කෙල්ලෙක් හොයගෙන
මංගල යෝජනාවකින් කරකාර බැදගන්නව....

Madu.......

No comments:

Post a Comment