Monday, July 1, 2013

වස්සාන ගිම්හානය.....














සිත් හැගුම් අවදි කර
ප්‍රාර්ථනා මල් පුබුදා
වස්සානෙට සුවද අරන් ඔබ ආවා
මීදුමින් වැසීගත් හරිත නුග රුකක් වී
මගෙ ලොවම වෙලාගෙන
සීතලට ගුලි උනා...
හැගුම් පිරි මගේ සිත
සුවද කුසුමක් ලෙසින්
ඔබෙ ලොව පුරාවට සුවද වැසි වස්සන්න
මග බලන් ඉන්නවා.....
ලෝතලය අදුරු කර ඝන අන්දකාරයක්
මගෙ ලොවම වසාගෙන
ඔබව දුර ගෙන ගියා
නීල දෙණයන වසා කදුළු මල් වරුසාව
මගේ නෙතු කඩාගෙන
තව තවත් ගලනවා........


                              Madu...

2 comments:

  1. thawa thawath galanna ida denna epa akke.... kadulu mal warusa wahala iwara wenna arinn...
    lassani..

    ReplyDelete
    Replies
    1. හිත් ඉවුරට වන් දොරටු දාන්න බැ නෙද මල්ලි.... ඒවගෙම නෙත් ඉවුරෙ වාන් දොරටු අරුනම වහන්නත් අමරුයි මල්ලි......

      Delete