Wednesday, July 10, 2013

මල්වර දියණියේ......















පෙරදා නුඹට බැදි සෙනෙහස නිසාවෙනී
වැදුවේ නැතත් නුඹ මගෙ මේ සුමුදු කුසින්
දැනුනේ නුඹව මගෙ දියණිය විලස ඉතින්
එනිසයි නුඹව රැක්කේ මව් කෙනෙක් ලෙසින්

හුරතල් නුඹේ පිවිතුරු මොලකැටි සුරත
දැවටී මගේ දෑතේ ගෙව් සොදුරු යුගේ
නුඹ පැමිනිය දාට මගෙ ඇස් දෙක පෙනෙන ඉමේ
මට නැත තිබුනෙ වෙන වැදගත් දෙයක් අනේ

ඈතක යුගේ නුඹ පොඩි දියණියක් ලෙසින්
මගෙ උකුලතේ හිදගෙන කිව් වදන් වලින්
හිත සැනසුනා මතකයි කල සොදුරු රැගුම්
සිහිවන විට නැගේ කදුලක් නෙතට ඉතින්

සුන්දර දියණියේ අද මල්වර නැකතේ
බිහි දොර වඩින පින්බර සුව දෙන මොහොතේ
ලොව වැඩ සදන පින්බර ගහැණිය විලසේ
මතු මල් පුබුදුවාපන් සුන්දර හෙට දවසේ


ඉස්සරම දවසක මගෙ ලග ඉදපු මම හුගක් අදරේ කරපු මගෙ වගේ ම ලග ඉදපු පුංචි දෝණිගෙ මල්වර නැකතෙ සතුට සමරන්න දිනූ... පුංචි දෝණි වෙනුවෙන් මේ පද ටික ලියුවෙ....ඉතින් පුංචි දෝණියෙ හෙට දවසෙ ඔයාගෙ ලොකෙ ලස්සනට හැඩ වැඩ වෙලා ගුන නැණ නුවණ සපිරි පිවිතුරු කුසුමක් ලෙසින් අනාගතය ජය ගන්න ශක්තිය වාසනාව සියළු දෙවි රැකවරන සැලසෙන්න කියල මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනව.... (11/07/2013)

Madu....

2 comments:

  1. ela.... kaduluwa walin pita liyanna ganna akke... e kavi thawath lassana wei..

    ReplyDelete
    Replies
    1. kadulu nathi kawiya lassana na malli.... neda? thanks oyage comment walata... digatama comment karanna... ethakota tawath liyanna hithenawa....

      Delete