Wednesday, July 3, 2013

හෙමින් එන්න……



 














හෙමින් එන්න……
මාගෙ ලොකෙට
ඈත ඉදන් ඇදී එන්න
සිනා අහුරු රැගෙන එන්න
කදුළු සයුර රැගෙන යන්න

හොරෙන් හොරෙන් හෙමින් එන්න
දෙනෙත් වසා සිනා සෙන්න
ඔබේ සුවද මගෙ තුරුලත
රදවන්නට රැගෙන එන්න

හඩ නොනගා ලගට එන්න
මුළු ලොකෙට හොරෙන් ඇවිත්
මගෙ ලොකෙට සතුට දෙන්න
ඔබේ සිනිදු සුමුදු පහසෙ
සැනසෙන්නට ඉඩක් දෙන්න

හොරෙන් හොරෙන් ලගට එන්න
ඈත දුරට පියාඹන්න
කවුරුත් නැති මගෙ ලෝකෙට
සතුට රැගෙන යලි වඩින්න…….


                                                               Madu....

No comments:

Post a Comment