Sunday, December 30, 2012

අදරණීය ලිහිණි .....




ජීවීතෙ මල් වයසෙ
දගකාර කම් කරන
යහළු යෙහෙළින් අතර
නුබව අද තනි වෙලා
ජීවිතේ දුක් සහිත
අදුරු පැති කඩ ඉරා
පන යන්න මාවතක්
නුබ තනිව සොයනවා
ගිලන් වූ යහන මත
නිමක් නැති දුක් කදක්
අනෙ .. නුබ .. අඩ  අඩ
විදගන්න හදනවා....
අනෙ මගේ සොයුරියෙ
නුබට මේ දුක් කන්ද 
මරණයෙන් මිසක් හෙට ... නිදහසක්
නොමැති බව ..
අනෙ අපි දන්නවා....

ලිහිණි .........මම මගේ අම්මව මහරගම පිලිකා  රෝහලේ 18 වාට්ටුවෙ තියාගෙන ඉදපු කලේ මගේ අම්මගේ ඇදට එහා පැත්තේ ඇදෙ ඉදපු අවූරුදු 17 ක පොඩි ගැනු  ළමයෙක්. ජීවිතේ හරිම අසුන්දර කාලයක් එක.....ගොඩක් අඩු වයසේ ළමයි පිළිකාවෙන් දුක් විදිනවා මම දැක්ක... අද හොදින් ඉන්න කෙනාට හවසට මොකක්ද වෙන්නෙ  කියන එක කියන්න බැරි තරම් ජීවිතෙ අවිනිශ්චිතයි එයාලගෙ ලිහිණිටත් එ 
ඉරණමට මුණ දෙන්න උනා 2012.08.04 වෙනිද  උදෙත් ලිහිණි වෙනදවගෙම වෙදනාව හන්ගාගෙන අපි එක්ක සතුටෙන් කතා කලා.... එයා  මා එක්ක හරි ලස්සනට හිනා  උනා ...මට හිතාගන්නත් බැරි  උනා .....
එදා දවල් 1.30 වෙද්දී ලිහිණි අපිව දාල යන්න ගියා..... අදරණීය ලිහිණි එදා මුළු වට්ටුවම අඩෙවුව...... මම එ වාට්ටුවෙදී මරණය හොදින්ම අත්වින්ද ... දවස ට 5ක් 6ක් මැරෙන අය  අතරින් ලිහිණිගෙ  මරණය
මට ජීවිතෙ හුගාක් දෙ අවබෝද කරලා දුන්න ........... මාස  ගානක්  පුරා  මහරගම පිලිකා  රෝහලේ ගත කරපු කාලෙ අමිහිරි අත්දැකිමක ලිහිණි තාමත් මගේ හිතෙ  රැදිලා ඉන්නවා.... ඉතිං  ලිහිණි මෙ  සංසාරෙන් එගොඩ වෙන්න මේ ආත්මෙ  ඔයාට පින් කරගන්න බැරි උන නිසා ඔයා අයෙත් මේ ලෝකේ උපදිනවා ..... මම ප්‍රර්ථනා කරන්නෙ කවමදාවත් මෙ  වගෙ   ලෙඩකින් ඔයාට දුක් විදින්න ලැබෙන්න එපා කියල විතරයි . මොකද ඔයා  විදපු දුක මම හොදින්ම දැක්ක නිසා.......

Saturday, December 29, 2012

ෙස්පාලිකා................



රෑ අහසට ෙපමි බදිනා
හද එළියෙන් උමතු ෙවනා
තරු මඩලෙන් සිහිල රැගෙන
සිහිල් සුළෙග හැඩ  වැඩ වෙන
රෑ  මනමාලී ....
හිතල පින්නට පිෙපනා
සුමුදු ෙසාදුරු පහස රැගෙන
මද  සුළගට රහස් කියන
ෙසාදුරු කුමාරි
සිනිදු සුමුදු පෙති විහිදා
සුවද සුළෙග පා  කරලා
නිසල රැයෙ රුව වඩවන
සිහින කූමාරී .......

කවදම හරි දවසක විදලා තියෙනවද .... හොදටම හද පායල  තියෙන, තරු වලින් හැඩ  වැඩ වුන ලස්සනම ලස්සන අහසක් තියෙන රැයක සෙපාලිකා මල් ගහක් යට දැනෙන සුවද කොයි තරම්ද කියල ....
විදලා නැත්නම්  විදින්න අස හිතිලා තියෙනවද සේපාලිකා මල කොඉ තරම් සුවදද ලස්සනද කියල..... සෙපාලිකා ..... හරිම ලස්සන සිනිදු සුමුදු සුවද මලක්.....  ගොඩක් අය ලස්සනෛ සුවදයි කියල හිතන
මල් වලට වඩා වැඩ ලස්සනක් සෙපාලිකා  මලේ තියෙනවා..... විදින්න..... දවසක ඔයාලටම තෙරෙවි ... එදාට මට වඩා  ලස්සනට සෙපාලිකා  ගැන ඔයාල කවි ලියවී......

අකමැති මතක සහ අසුන්දර මතක....





 කාලෙන් කාලෙට ....
අපෙ  ජීවිත වලට
කව්රුම හරි එකතු වෙනවා නෙද?...
එ අය  එක එක විදිහට අපෙ ජීවිත වලට
බලපේම්  කරනවා
සමහර අය  අපිව සතුටු කරනවා
එත්  තවත් සමහරැ  අපිට විදගන්න
බැරි දුක් ගොඩවල් ජීවිතෙට එකතු කරනවා
යාලුවෝ විදිහට , සහෝදර සහෝදරියෝ විදිහට
තරහ කාරයෝ විදිහට ....
සංසාරික බැදීම් වගෙ  පෙන්නගෙන
මුළු ජීවිතෙම  අවුල් කරලා යන
කලකන්නියොත්  එ  අතරෙ  ඉන්නවා
කොයි විදිහට අවත් ... අපේ හිත්වල
එ  සුන්දර හරි අසුන්දර හරි
මතක සටහන් ඉතිරි වෙනවා
2013 දි ... සුන්දර හිතිවිලි විතරක් හිතේ
ඉතිරි  කරගෙන
අසුන්දරම අකමැතිම මතකයන් හා පුද්ගලයන්
හිතින් සම්පුර්ණයෙන්ම
අයින් කරලම දාන්න
මොකද දන්නවද ?.....
අසුන්දර අකමැති මතක සහ පුද්ගලයන්
කවදාවත් වැඩක් වෙන්නේ නැති නිසා.......
අලුත් ජීවිතෙකට එ  අයගෙන් ලැබුන දෙයක් නැති නිසා....

Sunday, December 16, 2012

මගෙ සුදු BONIKKO ...

















ගෙවුන මෙ  පුංචි කාලෙට
ඔය මට මොනටරම් ලං උනාද
හිතාගන්නත් බැරි තරම්
ගෙවන හැම මොහොතකම
මගෙ දෙනෙත් හෝයන්නෙ ඔයාව
සවනට ඇසෙන්නේ ඔයාගේ හඩ
දැනෙන්නෙ ඔයාගෙ සුවද .... උණුසුම
හිත හැමතිස්සෙම ඉල්ලන්නේ ඔයාව
අසයි හැමදාමත් ඔය මා ලග ඉන්නවනම්
ඉතින් මගේ රත්තරං ....
අදරෙයි ..... 

මං  
මරෙනකල්ම..... 

මෙවා ඉස්සර දවස්වල ඔය මට ලියපුවා... මතකද ඔයාට... අද එ  හැමදෙම හීනයක් විතරයි.... 

නුබට......




දස දහස් දුර අදුන
ඇත දුර අනන්තයෙ
පැතුම් පොදි  සිරකරන
ක්ෂිතිජ වලල්ලෙ
සිත අතරමංව ගොස්
නැගෙන සිතිවිලි
හීන දිගන්තෙ
මගෙ ජීවිත මංසලෙ නුබ
සදා නොමැකෙන
පහන්සිලක් වෙ ........

Blog එක මට අදුන්නලා දුන්නු ඔයාට

















නැගෙන සිතිවිලි
නිමක් කොනක් නැති
කවක් ලියන්නට
දෑත් වරම් ඇති
නුබෙ  සිතුවිලි ලියු
කවි වැල්
එකින් එක ගෙන නැගුනු
කවි පොත
දකින හිත සුව පහන් වන විට
සිතක් ඇති විය ලියන්නට
ගොනුවක් .......
ලස්සනට ඔබෙ කවි පොත
සමව යන්නට ........


ලගදී දවසක මම ලියපු කවි ටිකක් දැකල එ  කවි ටිකෙ තියෙන අඩුපාඩු මට පෙන්නල  අක්කෙ ... අපි ලියමුද Blog එකක් කියල Blog එක මට අදුන්නලා දීල එකෙ හැමදෙම හරි අදරෙන් කියල දීපු මගෙ  poඩි මල්ලි ශයන්ග වෙනුවෙන් මෙක ලියුවෙ .. එත් මෙකෙ අන්තිමට කියනවා වගෙ  එයාට සමානව  එයා ලියන තරම් ලස්සනට මට  ලියන්නෙ  බෑ.... කොහොමවෙතත් මෙක  ඔයාට පුංචි උපහාරයක්ම  වෙවා ......Blog එක මට කියල දීපු ඔයාට ගොඩක් Thank You...... 

Friday, December 14, 2012

මට ලියාපු නුබෙ කවිය






රහසෙ සැලෙන
නුබගෙ දෙතොල් ලග
රැදෙන සෙනෙහස
මා  දුටුවෙ වරින්
වරේ සැලෙනා
නුබෙ  නීල නෙතු
අතරින් ........
නමුත් මා  හට
පින් මදි විය නුබ
මගෙම ........
කොට ගන්නට
දයිවය මෙයයි
මා  හට සරදම් කරනා
....

මෙ  කවියෙ  ඇත්තම අයිතිකාරයා මම නෙමෙයි.... අතිතයෙ  ලස්සනම ලස්සන දවසක කෙනෙක් මම වෙනුවෙන් ලියපු කවියක්
මෙ  කවිය වගේම එයා අද මගෙන් ගොඩක් ආතට  ගිහින් ... එත් අපේ හැම අතීත සැමරුමක්ම  මේ විදිහට මත එක්කම තනි වෙලා......... එ  අතීත සැමරුම් අදටත් මට ජීවත් වෙන්න පාර කියල දෙනවා............                 එදා වගෙම ...

Thursday, December 13, 2012

මගෙන් නුබට



තරු  අහරෙන රාත්‍රියෙ
සද මඩලෙන් සිසිල අරන්
සෙපාලික මල් සුවදට
තුරුළු වෙන්න ඇසයි...
අදරයෙන් හිත වෙලනා
මිහිරි මතක අවදිකරන්
හිත ඉල්ලන සිහිලසලග
තනිවෙන්නට ඇසයි..
පෙරුම් පුරන තරු ඇස ලග
ප්‍රාර්ථනා මල් සුවදින්
ජීවිතයම සුවද කරන
මිහිර දෙන්න අසයි..
පැතුම් වලට පන පොවනා
ඔය නිල්වන් දෙනෙත් තුලම
සංසාරෙ  සරණ තුරා
සැගවෙන්නට අසායි....

Madu..

ඔබ අකමැතිම කදුල

















  

ඉස්සරම දවසක
ඔයා  මගේ ලගින් ඉද්දි
මාව  හිනස්සන්න  ඔයා  මොනටරම් දෙවල්
කියනවද ......
අපි දෙන්නත් එක්කම හුගාක්
හිනා උනා ඔයාට  මතකද
එ  හිනවෙද්දී
මෙ ඇස් රතු වෙලා පුංචිම පුංචි
කදුළු බින්දු මෝදු වෙද්දී
ඔයාගේ ඔය අත්දෙකින්
එ  කදුළු පිහ දැම්ම ඔයාට මතකද
හිනවකදිවත් මේ ඇස දෙකට
කදුළු  උනනව දකින්න ඔයාට  බැරි උනා
වැටෙන  හැම කදුලක්ම ඔයා  හරි ආදරෙන්
පිහදාල මාත්  එක්ක  හරි ලස්සනට
හිනා උනා ....
එත්  ඔය දන්නවද?....
ඔයා  මගෙන් ඇත්  උන දවසෙ ඉදලම
මේ ඇස වලට කදුළු උනන එක
නවත්වගන්න මට බැරි උනා
වැවක් වාන්  දාන්න  පුළුවන් තරමට
මෙ  ඇස වලින් මටත් නොදනිම කදුළු ගලාගෙන ගියා
එදා ඔයා  දකින්න අසා නොකරපු 
කදුල.......
අද මගේ ජීවිතේම වෙලා .....

Madu

අහිමි ඔබට

ඔයා දන්නවද ..........
අද දවස මෙ  මොහොත වෙනකල්ම
ඔයා මගෙ මෙ හිතෙ රැදිල ඉදිය
 
මගෙ හැම හුස්මකම
මගෙ  හැම හිනෙකම

හරිම ලස්සනට ..... 
සුන්දර මතක ගොන්නක් එක්ක
එත්..........අද
ඔයා  මගෙන් ගොඩාක්  දුර ගිහින්
ඇත්තටම හුළගක් වගෙ
ඔයා ඇතකට පාවෙලා ගිහින්
අලුත් ලෝකයක් හොයාගෙන
ඉතිං.. මගෙ  හීන හිතිවිලි  වල
ඔයාව තවත් රදවගෙන වැඩක් න නෙද
ඔයාට මම සුභ පතනවා
කිසිම කහටක් නැති
පිරිසිදුම හදවතකින්
ඔයා  ගොඩනගපු ලෝකේ
කිරුලු  පළදින්න
ඔයාට වාසනාව ලැබෙන්න කියල......

Madu...