Thursday, December 13, 2012

මගෙන් නුබට



තරු  අහරෙන රාත්‍රියෙ
සද මඩලෙන් සිසිල අරන්
සෙපාලික මල් සුවදට
තුරුළු වෙන්න ඇසයි...
අදරයෙන් හිත වෙලනා
මිහිරි මතක අවදිකරන්
හිත ඉල්ලන සිහිලසලග
තනිවෙන්නට ඇසයි..
පෙරුම් පුරන තරු ඇස ලග
ප්‍රාර්ථනා මල් සුවදින්
ජීවිතයම සුවද කරන
මිහිර දෙන්න අසයි..
පැතුම් වලට පන පොවනා
ඔය නිල්වන් දෙනෙත් තුලම
සංසාරෙ  සරණ තුරා
සැගවෙන්නට අසායි....

Madu..

No comments:

Post a Comment