Sunday, December 30, 2012

අදරණීය ලිහිණි .....




ජීවීතෙ මල් වයසෙ
දගකාර කම් කරන
යහළු යෙහෙළින් අතර
නුබව අද තනි වෙලා
ජීවිතේ දුක් සහිත
අදුරු පැති කඩ ඉරා
පන යන්න මාවතක්
නුබ තනිව සොයනවා
ගිලන් වූ යහන මත
නිමක් නැති දුක් කදක්
අනෙ .. නුබ .. අඩ  අඩ
විදගන්න හදනවා....
අනෙ මගේ සොයුරියෙ
නුබට මේ දුක් කන්ද 
මරණයෙන් මිසක් හෙට ... නිදහසක්
නොමැති බව ..
අනෙ අපි දන්නවා....

ලිහිණි .........මම මගේ අම්මව මහරගම පිලිකා  රෝහලේ 18 වාට්ටුවෙ තියාගෙන ඉදපු කලේ මගේ අම්මගේ ඇදට එහා පැත්තේ ඇදෙ ඉදපු අවූරුදු 17 ක පොඩි ගැනු  ළමයෙක්. ජීවිතේ හරිම අසුන්දර කාලයක් එක.....ගොඩක් අඩු වයසේ ළමයි පිළිකාවෙන් දුක් විදිනවා මම දැක්ක... අද හොදින් ඉන්න කෙනාට හවසට මොකක්ද වෙන්නෙ  කියන එක කියන්න බැරි තරම් ජීවිතෙ අවිනිශ්චිතයි එයාලගෙ ලිහිණිටත් එ 
ඉරණමට මුණ දෙන්න උනා 2012.08.04 වෙනිද  උදෙත් ලිහිණි වෙනදවගෙම වෙදනාව හන්ගාගෙන අපි එක්ක සතුටෙන් කතා කලා.... එයා  මා එක්ක හරි ලස්සනට හිනා  උනා ...මට හිතාගන්නත් බැරි  උනා .....
එදා දවල් 1.30 වෙද්දී ලිහිණි අපිව දාල යන්න ගියා..... අදරණීය ලිහිණි එදා මුළු වට්ටුවම අඩෙවුව...... මම එ වාට්ටුවෙදී මරණය හොදින්ම අත්වින්ද ... දවස ට 5ක් 6ක් මැරෙන අය  අතරින් ලිහිණිගෙ  මරණය
මට ජීවිතෙ හුගාක් දෙ අවබෝද කරලා දුන්න ........... මාස  ගානක්  පුරා  මහරගම පිලිකා  රෝහලේ ගත කරපු කාලෙ අමිහිරි අත්දැකිමක ලිහිණි තාමත් මගේ හිතෙ  රැදිලා ඉන්නවා.... ඉතිං  ලිහිණි මෙ  සංසාරෙන් එගොඩ වෙන්න මේ ආත්මෙ  ඔයාට පින් කරගන්න බැරි උන නිසා ඔයා අයෙත් මේ ලෝකේ උපදිනවා ..... මම ප්‍රර්ථනා කරන්නෙ කවමදාවත් මෙ  වගෙ   ලෙඩකින් ඔයාට දුක් විදින්න ලැබෙන්න එපා කියල විතරයි . මොකද ඔයා  විදපු දුක මම හොදින්ම දැක්ක නිසා.......

1 comment:

  1. "( ....නමත් වගේම රුවත් ලස්සනට තියෙන්න ඇති ..... :(

    ReplyDelete