Tuesday, July 2, 2013

අපේ යාළුවෝ.......















ඇතුවත් බැරි නැතුවත් බැරි
වෙලාවකට නැතුවම බැරි
හිටියත් වැඩකට නැති
නැතුවත් හිතට හරි නැති
ඇති වෙලාවට ඇති
නැති වෙලාවට නැති
වාසියට පමණක් ඇති
අවංකව පිහිටට ඇති
උඩින් හොද හිත ඇති
යටින් හතුරු කම් ඇති
යහපතට උදව් ඇති අය වෙති
අයහපත වලකන අය වෙති
පන දෙන්න කතා ඇති
එත් විපතකදි නැති

හැම මොහොතකම හමුවෙති
යාළුවෝ... යාළුවෝ...

දුකට සැපට අපිට ඉන්න
අපේ යාළුවෝ...


මගේ යාළුවනේ.... මෙහෙම ලියුවට තරහ වෙන්න එපා... පොඩ්ඩක් හිතල බලන්නකො මේ ලියල තියෙන හැම ජාතියකම යාළුවො අපි අතර ඉන්නව නේද කියල.....හැම මොහොතකම අපි ලගට එන යන අපේ යාළුවෝ.......
                      Madu....

1 comment: